වදිමු නිතින්-සිරස නමා
විදුහල් මාතා-පෙමදර බැතිපා//
ගයමු වයමු භක්ති ගීතා
කරන්දෙණිය මැදි විදු ආලෝකෙ
දින දින දිනවා දස දෙස පතුරා//
වදිමු නිතින්-සිරස නමා
විදුහල් මාතා-පෙමදර බැතිපා//
ගාමීණී පැරකුම් හෙල විරුවන් සෙ
දරු කැළ නිතරා සුමගෙහි යුදවා
ලක්මව සනසනු විදුහල් මවුනී//
වදිමු නිතින්-සිරස නමා
විදුහල් මාතා-පෙමදර බැතිපා//
ඔබ දරු කැලැ අප සෑමා එක්වී
ගයනෙමු ගුණ රැස සැමදා නිතිනී
සුරකිමු ඔබ නම විදුහල් මවුනී//
වදිමු නිතින්-සිරස නමා
විදුහල් මාතා-පෙමදර බැතිපා//